පන්විල ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදා මැරීන් බලකායේ සහාය
 

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බළපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළුතර, පන්විල ප්‍රදේශයේ මාර්ගයන් හා විදුලි රැහැන් මතට වෘක්ෂ කඩා වැටී විදුලි බලය විසන්ධි වී තිබූ අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු අඩාල වී තිබිණි.

එය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට අයත් නාවිකයන් කණ්ඩායමක් අද (දෙසැම්බර් 02) එම ප්‍රදේශය වෙත අනුයුක්ත කරන ලදී. ඒ අනුව, මැරීන් බලකා නාවිකයින් විසින් පවතින අයහපත් කාලගුණික තත්ත්වය ද නොතකමින් එම විශාල වෘක්ෂයන් කපා ඉවත් කොට ප්‍රදේශයේ ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා සිය දායකත්වය ලබා දෙමින් සිටී.