වැදගත් සිදුවීම්

ප්‍රංශ නාවික නෞකා ඔවේන් හි අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 03) මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත ‘ඔවේන්’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් සේවියර් බ්‍රිටේල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

04 Dec 2017

ජාත්‍යාන්තර මුහුදු නීතිය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්
 

නීති විරෝධි මසුන් ඇල්ලීම, සංක්‍රමණිකයන්, මුහුදු නීතිය හා ඒ අාශ්‍රීත පනත් සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 02 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විය.

04 Dec 2017

ප්‍රංශ නාවික නෞකා ඔවේන් හි අණදෙන නිලධාරී බටහිර නාවික විධානයේ ආඥාපතිතුමා හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 03) මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘ඔවේන්’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් සේවියර් බ්‍රිටේල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 04) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමු විය.

04 Dec 2017

නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

04 Dec 2017