වැදගත් සිදුවීම්

බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි හි අණදෙන නිලධාරී බටහිර නාවික විධානයේ ආඥාපතිතුමා හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 06) මෙරටට පැමිණි බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘බිජෝයි’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ෆාස්ලර් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 07) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමු විය.

07 Dec 2017

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවන්ට (Inshore Patrol Craft) අනුයුක්ත නාවිකයින් විසින් ඊයේ (දෙසැම්බර් 06) කුදිරමලේට නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

07 Dec 2017