වැදගත් සිදුවීම්

රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලැබුනු තොරතුකට අනුව ‘Thai Binh Bay’ නම් වියට්නාමයට අයත් බහාලුම් නෞකාවේ සිටි අනතුරකින් තුවාල ලැබූ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (දෙසැම්බර් 11) උදෑසන කටයුතු කරන ලදී.

11 Dec 2017

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී, එයාර් චීෆ් මාෂල් බිරෙන්ඩර් සිං ධනෝආ මහතා අද (දෙසැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

11 Dec 2017

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්තුමා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් අහමඩ් ජාවඩ් මහතා අද (දෙසැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

11 Dec 2017

ඉදුරාම බඳවා ගැනීමට අයත් සැපයුම් අංශයේ නිලධාරීන් 6 දෙනෙකු විසිර යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 2017 වර්ෂයේ පළමු ඉඳුරාම බඳවා ගැනීමට අයත් සැපයුම් අංශයේ නිලධාරීන් 6 දෙනෙකු වසරක කාලයක් පුරා සිදු කළ සාර්ථක පුහුණුවකින් අනතුරුව පසුගිය දෙසැම්බර් මස 09 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

11 Dec 2017

නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලි මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදාව සහාය විය.

11 Dec 2017