වැදගත් සිදුවීම්

ශ්‍රීලංනානෞ ජයසාගර දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ ජයසාගර නෞකා දිනය පසුගිය දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූණි.

12 Dec 2017

නීති විරෝධී ලෙස අකුණු සන්නායක තහඩු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ කඩවත පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (දෙසැම්බර් 11) සිදු කළ වැටලීමකදී පෞරාණික වටිනාකමකින් යුත් තඹ තහඩුවක් සහ අඩි 60 ක පමණ දිගකින් යුත් තඹ පටියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

12 Dec 2017

67 වන නාවික දින සැමරුමට සහ නත්තල් දිනයට සමගාමීව උතුරු මැද නාවික විධානයෙන් සමාජ සත්කාරක සේවාවන්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සහ නත්තල් සැමරුමට සමගාමීව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් විසින් සමාජ සත්කාරක සේවාවන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.

12 Dec 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු ඊයේ (දෙසැම්බර් 11) ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය.

12 Dec 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඊයේ (දෙසැම්බර් 11) රාත්‍රී ඩෙල්ෆ්ට් දූපතට උතුරු සහ වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන් හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 5 ක් අත්අඩංගුවට ගෙන ඇත.

12 Dec 2017

ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති, අතිගරු සඒරී අමිරානී මොහොමඩ් මහතා අද (දෙසැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

12 Dec 2017

67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් උතුරු නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ ඊයේ (දෙසැම්බර් 11) සිට සතියක කාලයක් පුරා යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේදී ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

12 Dec 2017