67 වන නාවික දින සැමරුමට සහ නත්තල් දිනයට සමගාමීව උතුරු මැද නාවික විධානයෙන් සමාජ සත්කාරක සේවාවන්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සහ නත්තල් සැමරුමට සමගාමීව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් විසින් සමාජ සත්කාරක සේවාවන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව පූනෑව ඉසින්බැස්සගල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 2 ක ඉගනුම ලබන දරු දැරියන් 5 දෙනෙකු සඳහා පාසල් නිල ඇඳුම්, පාවහන් සහ 2018 වර්ෂය වෙනුවෙන් පොත් පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. තවද, එක් පවුලක වෙසෙන ආබාධිත දරුවෙකු හට රෝද පුටුවක් ප්‍රදානය කිරීම ද එම අවස්ථාවේදී සිදු කරන ලදී. මෙම පුණ්‍ය කටයුත්ත සඳහා පූනෑව නාවික සංකීර්ණයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ස්වකැමැත්ත ඇතිව මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.