නීති විරෝධී ලෙස අකුණු සන්නායක තහඩු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ කඩවත පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (දෙසැම්බර් 11) සිදු කළ වැටලීමකදී පෞරාණික වටිනාකමකින් යුත් තඹ තහඩුවක් සහ අඩි 60 ක පමණ දිගකින් යුත් තඹ පටියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අකුණු සන්නායක තඹ තහඩු අලෙවි කිරීම සඳහා මෝටර් රථයක් මගින් රැගෙන යමින් සිටියදී කඩවත ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා, මෝටර් රථය සහ අකුණු සන්නායක තහඩුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කඩවත පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.