වැදගත් සිදුවීම්

Table Top අභ්‍යාසය 2017 ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි
 

නාවික දියත් විධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Table Top අභ්‍යාසය අඛණ්ඩව 2 වන වරටත් පසුගිය දෙසැම්බර් මස 11 සහ 12 යන දෙදින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්විණි.

14 Dec 2017

ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ මහතා අද (දෙසැම්බර් 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

14 Dec 2017

ශ්‍රීලංනානෞ කංචදේව ආයතනයේ අභිනව සුභසාධක ගොඩනැගිල්ල හා ප්‍රවාහන අංගනය විවෘත කෙරේ
 

උතුරු නාවික විධානයේ කයිට්ස් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතයේ දිගු කාලීන අවශ්‍යතාවයක්ව පැවති, අභිනවයෙන් ඉදි කරන ලද සුභසාධක ගොඩනැගිල්ල හා ප්‍රවාහන අංගනය පසුගිය දෙසැම්බර් 12 වන දින උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා අතින් විවෘත කෙරිණි.

14 Dec 2017

නාවික හමුදාව ඉරාන යුද නෞකාවක සිටි රෝගාතුර නාවිකයෙකු කඩිනමි වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැ‍ගෙන එයි
 

අන්තර්ජාතික මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක සිටි අසාධ්‍ය නාවිකයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (දෙසැම්බර් 14) අළුයම කටයුතු කරන ලදී.

14 Dec 2017