ගජමුතු 7 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ගම්පොල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය දෙසැම්බර් 19 වන දින පේරාදෙණිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු 7 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් නීති විරොධී ලෙස එම ප්‍රදේශයේදී එම ගජමුතු අලෙවි කිරීමට සූදානමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති අතර, එම පුද්ගලයින් සහ ගජමුතු ඉදිරි නීතිමය කටයුතු සඳහා මහනුවර පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.