ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක අංශයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 25) ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගෙන ඔවුන් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

මාතලේ, අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් දිය නෑම සඳහා මෙම ප්‍රදේශයෙන් මුහුදට බැස ඇති අතර, එහිදී ඔවුන් සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන ගොස් ඇත. එම අනතුර නිරීක්ෂණය කළ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් කඩිනමින් ක්‍රියාත්මක වී ඔවුන්ගේ දිවි බේරා ගැනීමට කටයුතු කරන ලදී. එම පුද්ගලයින් ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.