වැදගත් සිදුවීම්

ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු නිදහස් කෙරේ
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු යලි එරටට භාර දීම අද (දෙසැම්බර් 27) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

27 Dec 2017

ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගනී
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක අංශයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 26) ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට සමත් විය.

27 Dec 2017

සුනාමි ව්‍යයසනයෙන් දිවි අහිමි වූ නාවික විරුවන් හට පිං පැමිණවීම ගාල්ලේ දී
 

සුනාමි ව්‍යයසනය සිදුවී ඊයේ (දෙසැම්බර් 26) දිනට වසර 13 ක් ගතවී ඇති අතර, එයින් දිවි අහිමි වූ නාවික විරුවන් හට පිං පැමිණ වීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 25 සහ 26 යන දෙදින, ගාල්ල ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ නාවික කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.

27 Dec 2017