වැදගත් සිදුවීම්

5 වසර ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දරු දැරියන් හට තිළිණ ප්‍රදානය කෙරේ
 

සක්‍රීය සේවයේ නියුතු සහ සටනේදී මිය ගිය නාවික පුද්ගලයින්ගේ මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත් දරු දැරියන් 60 දෙනෙකු උදෙසා තිළිණ ප්‍රදානය කිරී‍මේ උත්සවය අද (දෙසැම්බර් 28) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

28 Dec 2017

පොල්අතු මෝදර ගංඟාවේ අවහිර වූ උණ පඳුර ඉවත් කිරීමේ නාවික හමුදා මෙහෙයුම
 

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය දින කිහිපයේදී ගාල්ල, ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අද්දර වැල්ලාන මාර්ගය අසලින් ගලා බසින පොල්අතු මෝදර ගංඟාව අවහිර වන පරිදි ගැලවී ගසාගෙනවිත් සිරවී තිබූ විශාල උණ ගස් පඳුර ඉවත් කර ජලය බැස යාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී.

28 Dec 2017

සීෂෙල්ස් මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් ජනරජයේ මහකොමසාරිස් අතිගරු කොන්රාඩ් මෙඩරික් මහතා අද (දෙසැම්බර් 28) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය.

28 Dec 2017

67 වන නාවික දින සැමරුම වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේදී බෞද්ධාගමික වැඩසටහනක්
 

පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව ඊයේ (දෙසැම්බර් 27) කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී.

28 Dec 2017