කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.06 ක් සමඟ ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 29) යාපනය අර්ධද්වීපයට අයත් කකරතිව් දූපතේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.06 ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ඉන්දීය ජාතිකයෙකු ද සිට ඇත.

ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක් සහ GPS යන්ත්‍රයක් ඇතුළු තවත් ආම්පන්න කිහිපයක් අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.