වැදගත් සිදුවීම්

බල සෙබළ එම්එස්එල් අබේවර්ධන හට නිවසක් පරිත්‍යාග කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා සුභසාධක අංශය විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන නිවසක් නොමැති නාවිකයන් හට නිවසක් ලබා දීමේ වැඩපිළිවෙලෙහි එක් අවස්ථාවක් සනිටුහන් කරමින් අද (දෙසැම්බර් 30) බල සෙබළ එම්එස්එල් අබේවර්ධන නාවිකයා හට නිවසක් පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

30 Dec 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

දකුණු සහ උතුරු මැද නාවික විධානයන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 29) තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

30 Dec 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.06 ක් සමඟ ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 29) යාපනය අර්ධද්වීපයට අයත් කකරතිව් දූපතේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.06 ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

30 Dec 2017