වැදගත් සිදුවීම්

67 වන නාවික දින සැමරුම වෙනුවෙන් ගිණිකොන නාවික විධානයේ ලේ දන් දීමේ වැඩසටහනක්
 

පසුගිය දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන දින සැමරුමට සමගාමීව ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ඊයේ (දෙසැම්බර් 30) පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

31 Dec 2017

ඉන්දීය ධීවරයින් 69 දෙනෙකුට නිදහස
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 69 දෙනෙකු යලි එරටට භාර දීම අද (දෙසැම්බර් 31) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

31 Dec 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (දෙසැම්බර් 31) අළුයම කච්චතිව් දූපතට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.

31 Dec 2017