නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 12 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානය භාර ආඥපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ එම නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 28) ඌරුමලෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 12 ක් සමග ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
29 Jan 2018
කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ මීගමුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 25) පිටිපන ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 22 ක් සහ කැස්බෑ බිත්තර කිලෝග්‍රෑම් 5.4 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
26 Jan 2018