නාවික හමුදාව අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
 

කොළඹ වරායට අයත් ‘Allfones’ යාත්‍රාවේ රාජකාරී නියුතු නාවිකයෙකු වෙනත් නෞකාවක් වෙත මාරු වීමට යාමේදී අනතුරකට ලක්ව තුවාල ලබා ඇති අතර, එම නාවිකයා කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට‍ රැගෙන ඒමට නාවික හමුදාව අද (ජනවාරි 02) කටයුතු කරන ලදී.

ඒ අනුව කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයට අනුයුක්ත පී 436 වේග ප්‍රහාරක යාත්‍රාව එම රෝගියා රැගෙන ඒම සඳහා පිටත්කර යැවීමට කටයුතු කළ අතර, කොළඹ ප්‍රදිපාගාරයේ සිට නාවික සැතපුම් 11 ක් පමණ දුරකදී තුවාලකරු වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කරන ලදී. තුවාල ලැබූ පුද්ගලයා නිරුපද්‍රිතව කොළඹ වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.