ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය ගුවන් හමුදාවට භාර දෙයි
 

පසුගිය වසරේ ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගන්නා ලද කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය ජනවාරි මස 01 වන දින නිල වශයෙන් ගුවන් හමුදාව වෙත භාර දෙන ලදී.  

මෙම චාරිත්‍ර සම්මාන මුරය ශ්‍රී ලංකා‍ නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් අනිල් බෝවත්ත මහතාගේ අධීක‍්ෂණය යට‍තේ සිදු කෙරුණු අතර, ලුතිනන් කොමාණ්ඩර් (අවි) චන්දිම ශාන්ත මහතා එම විශේෂ සම්මාන මුරය භාර නිලධාරී ලෙස කටයුතු කරනු ලැබීය.