ගංජා මිශ්‍ර මත්කුඩු (මාවා) කිලෝග්‍රෑම් 2.8 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ යාපනය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 04) සිදු කළ වැටලීමකදී යාපනය නාවර් වීදිය ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මත්කුඩු (මාවා) කිලෝග්‍රෑම් 2.8 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විකිණීම සඳහා මෙම මත්කුඩු රැගෙන යමින් සිට ඇති අතර එම පුද්ගලයා සහ මත්කුඩු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලීසිය‍ වෙත භාර දීමට කටයුතු කෙරිණි.