කසමෝරෙකු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 05) ත්‍රිකුණාමලය වරාය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස විකිනීමට සූදානම් කර තිබූ කසමෝරෙකු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කිලෝග්‍රෑම් 45 ක පමණ බරකින් යුත් එම කසමෝරා සහ පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදී.