විනෝදාස්වාදය උදෙසා නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ විදේශීය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 06) බලපිටිය මුහුදු ප්‍රදේශයේදී විනෝදාස්වාදය උදෙසා තහනම් උපකරණ (Spear Gun) භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ විදේශිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයින් යුක්රේන ජාතිකයින් වන අතර, ඔවුන් සතුව තිබූ හෙල්ල තුවක්කුවක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගල් 2 ක් සහ මුහුණු ආවරණ 2 ක්ද අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සහ එම ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා අහුංගල්ල පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.