නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 09) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතී විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 7 ක්, GPS යන්ත්‍රයක් සහ තහනම් දැල් 5 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන්, යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අදම්පන් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.