වැදගත් සිදුවීම්

වාහන ප්‍රවාහන නෞකාවේ ගැටී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් බේරා ගැනීමේ නාවික හමුදා මෙහෙයුම
 

ජනවාරි මස 09 වන දින රාත්‍රී 1120 ට පමණ කොළඹ වරායේ සිට හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ මාෂල් දූපතට අයත් ‘MV GLOVIS CAPTAIN’ නමැති වාහන ප්‍රවාහන නෞකාව සහ පසුගිය ජනවාරි මස 01 වන දින පුද්ගලයින් 7 දෙනෙකු රැගෙන හික්කඩුව ධීවර වරායෙන් පිටත් වූ නදීශා II නමැති බහුදින ධීවර යාත්‍රාව දෙවුන්දර ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 13 ක් පමණ ගැඹුරු මුහුදු සීමාවේදී එකිනෙක ගැටී අණතුරට ලක්වී ඇත.

10 Jan 2018

නව පත්වීම් ලද ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ගෘප් කපිතාන් සීන් අන්වින් මහතා අද (ජනවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවිය.

10 Jan 2018

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 09) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතී විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

10 Jan 2018

කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ උප්පුවේලි පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 09) නිලාවේලි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ‍ත්‍රීරෝද රථයක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

10 Jan 2018