වැදගත් සිදුවීම්

නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව තෙල් විසිරුම් මැඩලීමේ අභ්‍යාසයක් පවත්වයි
 

සාගරික සම්පත් ආරක්ෂා කිරීමේහිලා නිරන්තර මූලිකත්වයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජනවාරි 11) කන්කසන්තුරය වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී තෙල් විසිරුම් මැඩලීමේ අභ්‍යාසයක් පවත්වන ලදී.

12 Jan 2018

කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 ක් සොයා ගැනීමට සහ මත් පෙති ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඊයේ (ජනවාරි 11) වයඹ නාවික විධානයට අනුයුක්ත මැරීන් බලකායේ නාවිකයින්, සිලාවතුර, පොලිසියේ නිලධාරින් සහ මන්නාරම, මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් පිරිසක් එක්ව කායක්කුලි ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමක දී සඟවා තැබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 ක් සොයා ගැනීමට සමත්වී ඇත.

12 Jan 2018