කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව ඊයේ (ජනවාරි 13) තොඩ්ඩවේලි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බස් රථයක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 055 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.