වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමා ස්වේච්ඡා නාවික බල හමුදාවේ වාර්ෂික අංශ පිරික්සුම සිදු කරයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික බල හමුදාවේ වාර්ෂික අංශ පිරික්සුම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 18) දින වැලිසර ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික බල හමුදා මුලස්ථා‍නයේදී පැවැත්විණි.

18 Jan 2018

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 03 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ ආරක්ෂක යාත්‍රාවක් මඟින් ඊයේ (ජනවාරි 17) මන්නාරමට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 03 දෙනෙකු සහ ඔවුන්ට අයත් කුඩා වර්ගයේ යාත්‍රාවක් (Indian Dhow) අත්අඩංගුවට ගෙන ඇත.

18 Jan 2018

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ, අපරාධ විමර්ශන දෙපාර්තෙම්න්තුවේ නිලධාරීන් පිරිසක් සමඟ එක්ව පසුගිය ජනවාරි 16 වන දින හොරණ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ව්‍යාජ මුදල් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

18 Jan 2018