නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 ක් සොයා ගනී
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 23) මරදන්කේනි, තලෙයිඅඩි වෙරළ තීරයට ආසන්න වන ලැහැබක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 ක් සොයා ගැනීමට සමත් විය. පොලිතීන් ආවරණ 50 ක බහා තිබූ එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික වන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලීසියට භාර දීමට නියමිතව ඇත.