වැදගත් සිදුවීම්

රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදාවට ලබා දුන් තොරතුරකට අනුව දැඩි ලෙස රෝගාතුර වූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (ජනවාරි 25) කටයුතු කරන ලදී.

25 Jan 2018

නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (ජනවාරි 24) උතුරු නාවික විධානයේ සංචාරයක නිරත විය.

25 Jan 2018

නීති විරෝධී ලෙස මසුන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන්, ත්‍රිකුණාමලය පොලීසියේ නිලධාරීන් සහ ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 24) සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කරමින් තිබූ මසුන් කිලෝග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

25 Jan 2018

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ඊයේ (ජනවාරි 24) ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.

25 Jan 2018