‘Commander’s Cup 2018’ ගොල්ෆ් ශූරතාවලියෙන් නාවික හමුදාවට ජයක් අත් කර දුන් ලුතිනන් කොමාණ්ඩර් හර්ෂ උඩවත්ත මහතා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Commander’s Cup 2018’ ගොල්ෆ් තරඟාවලියේ ආරක්ෂක සේවා අංශයේ ශූරතාවය දිනා ගනිමින් නාවික හමුදාවට කීර්තියක් අත්කර දුන් ලුතිනන් කොමාණ්ඩර් (නාසෙ) හර්ෂ උඩවත්ත මහතා අද (පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් ලුතිනන් කොමාණ්ඩර් උඩවත්ත මහතා වෙත සිය සුභ පැතුම් එක් කළ අතර, මෙවැනි තරඟාවලියක් මඟින් ප්‍රථම වරට ජයග්‍රහණය කරමින් නාවික හමුදාවට කීර්තියක් අත්කර දීම එතුමා ඉහලින් අගය කරන ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ සභාපති, කපිතාන් ජගත් කුමාර මහතා සහ ගොල්ෆ් සංචිතයේ ලේකම් කොමාණ්ඩර් මංගල මුම්මුල්ලගේ මහතා ද සහභාගී වී සිටියහ.