බ්‍රිතාන්‍ය ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් බැහැදකී
 

ශ්‍රී ලංකාවේ මහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ගෘප් කපිතාන් ෆ්‍රේසර් නිකල්සන් මහතා අද (පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

එහිදී, ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් තුමන් ද එක් විය. මෙම නිල හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.