රියර් අද්මිරාල් පියල් ද සිල්වා ශ්‍රී ලංකා නාවික හමුදාවට නවීන ඩ්‍රෝන කැමරාවක් පරිත්‍යාග කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් කටයුතු කරනු ලබන රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශයට අත්‍යවශ්‍යව පැවති නවීන වර්ගයේ ඩ්‍රෝන කැමරාවක් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අද (පෙබරවාරි 07) දින පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

එම ඩ්‍රෝන කැමරාව, රියර් අද්මිරාල් සිල්වා මහතා අතින් නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී කොමාණ්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා හට ප්‍රදානය කළ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ද සහභාගී විය. මෙම ඩ්‍රෝන කැමරාව ඉදිරියේදී නාවික හමුදා මාධ්‍ය කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.