ශ්‍රී ලංකා නාවික හමුදා මේස පන්දු ප්‍රවීනයන් පදක්කම් හිමි කර ගනියි
 

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේස පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පදක්කම් සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය ජනවාරි මස 26 වන දින කොළඹ ලයිට් හවුස් ගැලි අවන්හල් පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම පදක්කම් සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සහකාර අධ්‍යක්ෂ, ආර්එම්ආර්බී වික්‍රමසිංහ මහතා සහභාගී විය.

එහිදී 2017 වර්ෂයේ පැවති තරඟාවලීන්ගෙන් සුවිශේෂී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රවීනයන්ගේ මේස පන්දු කණ්ඩායමේ සාමාජිකයින් හට පදක්කම් හා සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

ඒ අනුව වයස අවුරුදු 40 ට වැඩි කාණ්ඩය යටතේ සමස්ථ ලංකා ප්‍රවීනයන්ගේ මේස පන්දු තරඟාවලිය ජයග්‍රහනය කළ නාවික හමුදා මේස පන්දු කණ්ඩායමේ සාමාජිකයින් සහ එම කාණ්ඩය යටතේම දකුණු ආසියානු ප්‍රවීනයන්ගේ මේස පන්දු තරඟාවලියේ 2 වන ස්ථානය දිනා ගත් මේස පන්දු ප්‍රවීනයන් මෙසේ ඇගයීමට ලක් කෙරිණි. ඔවුන්ගේ නම් මතු සඳහන් පරිදි දක්වා ඇත.

වයස අවුරුදු 40 ට වැඩි සමස්ථ ලංකා ප්‍රවීනයන්ගේ මේස පන්දු තරඟාවලිය ජයග්‍රාහී කණ්ඩායම

    කොමදෝරු ටීඑස්කේ වීරකෝන්
    කොමාණ්ඩර් ටීපී මලලගම
    සාමාන්‍ය නාවික පීඩීඅයිපී සිල්වා

දකුණු ආසියානු ප්‍රවීනයන්ගේ මේස පන්දු තරඟාවලියේ 2 වන ස්ථානය දිනා ගත් කණ්ඩායම
    
    කපිතාන් පී විතාන
    ලුතිනන් (විදුලි) එච්ආර්පී සිල්වා
    පාලක ප්‍රධාන සුළු නිලධාරී ඩීඑල්ඒඩී ප්‍රසන්න
    සාමාන්‍ය නාවික පීඩීඅයිපී සිල්වා