වැදගත් සිදුවීම්

නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර බැංකු අංශය භාර නිලධාරී විසින් වැඩබලන කොමදෝරු අධිකාරී සෞඛ්‍ය (නැගෙනහිර) වෙතින් සිදු කළ ඉල්ලීමකට අනුව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (පෙබරවාරි 08) නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

09 Feb 2018

ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා අද (පෙබරවාරි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

09 Feb 2018

බෝගහගොඩ රබර් කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

ගාල්ල, බෝගහගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම් ඊයේ (පෙබරවාරි 08) සිය සහාය දැක්වීය.

09 Feb 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව බංග්ලාදේශ නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය ජනවාරි 07 වන දින කොළඹ වරායට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් අලි හයිඩර් සහ නිර්මුල් යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජනවාරි 09) දිවයිනෙන් පිටත් විය.

09 Feb 2018