වැදගත් සිදුවීම්

ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු නිදහස් කිරීමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළුවී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් පසුගිය ජනවාරි 16 වන දින නාවික හමුදා අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනා අතරින් 3 දෙනෙකු යලි එරටට භාර දීම අද (පෙබරවාරි 10) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

10 Feb 2018

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදාවට තවත් තියුණු ජයක්
 

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ ගුවන් හමුදා පිල අතර තවත් එක් තරඟයක් ඊයේ (‍පෙබරවාරි 09) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 50 - 28 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

10 Feb 2018

ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 3 දෙනෙකු විසිර යයි
 

2017 වර්ෂයේ දෙවන ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් නැව්බඳ ඉංජිනේරු හා වාදක අංශයට අයත් නිලධාරීන් තිදෙනෙකු පුරා මාස හතකට ආසන්න කාලයක් තම න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර ඊයේ (පෙබරවාරි 09) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

10 Feb 2018

ත්‍රිකුණාමල කථිකාව සාගරික සම්මන්ත්‍රණය 2018 - සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
 

ත්‍රිකුණාමල කථිකාව සාගරික සම්මන්ත්‍රණයේ 7 වන අධියර, පසුගිය පෙබරවාරි මස 06 වන වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සාර්ථක ලෙස නිමාවට පත් කෙරිණි.

10 Feb 2018