වැදගත් සිදුවීම්

59 වන ජාතික පිරිමි හා කාන්තා හොකී තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි
 

පසුගිය ජනවාරි මස 16 වන දින සිට 21 වන දින දක්වා කොළඹ කෘතීම හොකී ක්‍රීඩාංගනයේ පැවති 59 වන ජාතික ජ්‍යෙෂ්ඨ පිරිමි හා කාන්තා හොකී තරඟාවලියේ ආරක්ෂක සේවා අංශය, කාන්තා සහ පිරිමි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

12 Feb 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු නාවික හමුදා භාරයට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය පෙබරවාරි 08 වන දින වංකාලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13 ක් ලඟ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

12 Feb 2018

ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකුට පොලී රහිත ණය මුදල් පිරිනැමේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් පසුගිය පෙබරවාරි 09 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

12 Feb 2018