වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා සහ ඉරාන නාවික හමුදා කණ්ඩායම් අතර සුහද පාපන්දු තරඟයක්
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (පෙබරවාරි 16) කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ නෞකාවන්හි පාපන්දු කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු කණ්ඩායම එක්ව අද වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී සුහද පාපන්දු තරඟයක් පවත්වන ලදී.

17 Feb 2018

ගාල්ල කොටුව පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය
 

දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු කොටුව තුල කැලිකසල එකතු වී අපිරිසිදු තත්වයේ පැවතුණි. ඒ අනුව දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් පරිදි දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් එම ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (පෙබරවාරි 17) ක්‍රියාත්මක කරන ලදි.

17 Feb 2018

ඩයලොග් කිලිෆඩ් කුසලාන රග්බි තරඟාවලියේදී නාවික හමුදාවට ජයක්
 

ඩයලොග් කිලිෆිඩ් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදා සහ පොලිස් පිල අතර තරඟයක් ඊයේ (පෙබරවාරි 16) රේස්කෝස් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36 - 28 ක් වශයෙන් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

17 Feb 2018