ශ්‍රී ලංකා සහ ඉරාන නාවික හමුදා කණ්ඩායම් අතර සුහද පාපන්දු තරඟයක්
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (පෙබරවාරි 16) කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ නෞකාවන්හි පාපන්දු කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු කණ්ඩායම එක්ව අද වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී සුහද පාපන්දු තරඟයක් පවත්වන ලදී. එහිදී සිය ක්‍රීඩා හැකියාවන් මනාව විදහාපාමින් ක්‍රියාශීලි සහ උද්යෝගිමත් ලෙස ඔවුන් එම තරඟය සඳහා සහභාගී වූහ.