කොමාණ්ඩර් ලංකානාථ දිසානායක ශ්‍රිලංනා‍‍නෞ උදාර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ලංකානාථ දිසානායක මහතා අද (පෙබරවාරි 19) වැඩ භාර ගන්නා ලදී. නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.

කන්කසන්තු‍රේ, ශ්‍රීලංනානෞ උත්තර අංක 1 ජැටිය පරිශ්‍රයේදී එම භාර දීමේ/භාර ගැනීමේ උත්සව අවස්ථාව පැවැත්වූ අතර, ඒ සඳහා කපිතාන් මුහුදු පුහුණු නිලධාරි, කපිතාන් ප්‍රදිප් රත්නායක මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.