වැදගත් සිදුවීම්

මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 109 කට සහ ලාංකික ධීවරයින් 6 දෙනෙකු හට නිදහස
 

මුහුදු සීමා උල්ලංඝණය කර නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අත්අංඩගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු යළි එරටට භාර දීම සහ ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නැවත මෙරටට භාර දීම අද (පෙබරවාරි 20) නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

20 Feb 2018

බටහිර නාවික විධාන විශේෂ ව්‍යාපෘති හා උපයෝගිතා විදුලි වැඩපල විවෘත කෙරේ
 

වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද බටහිර නාවික විධාන විශේෂ ව්‍යාපෘති හා උපයෝගිතා විදුලි වැඩපල අද (පෙබරවාරි 20) උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

20 Feb 2018

පුහුණුවන නිලධාරීන් දෙමාපිය දිනය උත්කර්ශවත් අයුරින් සමරයි
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලබන 58, 59 සහ 60 වන නිලධාරී බඳවා ගැනීම් වලට අයත් ශිෂ්‍යභට සහ මධ්‍ය නිලධාරීන් පසුගිය පෙබරවාරි මස 12 වන දින විද්‍යාපීඨ දෙමාපිය දිනය ඉතා උත්කර්ශවත් අයුරින් සමරන ලදී.

20 Feb 2018