නාවික හමුදාව කේරළ ගංජා කිලෝග්‍රෑම් 404 ක් සොයා ගැනේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඊයේ (මාර්තු 03) මීගමුව සහ නවච්චෝලේ යන ප්‍රදේශයන්හිදී සිදු කළ සෝදිසි කිරීම්වලදි දළ වශයෙන් කෝටි 4 කට වඩා වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝග්‍රෑම් 404 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

ඒ අනුව, බටහිර නාවික විධා‍නයට ලද තොරතුරක් මත එම විධානයේ නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 03) මීගමුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 403 ක් ලඟ තබා පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඒවා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබී ඇති අතර, එම පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, නැගෙනහිර නාවික විධා‍නයට ලද තොරතුරක් මත එම විධානයේ නාවිකයින් පිරිසක් සහ කුච්චවේලි, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 03) නවච්චෝලේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒවා ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර තිබියදී සොයා ගෙන ඇත. එම පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.