වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක සේවාව සිය ප්‍රථම නාවික සිතියම නාවික හමුදාධිපතිතුමා වෙත ප්‍රදානය කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා අංශය මඟින් කච්චතිව් දූපත ආවරණය වන පරිදි සකස් කරන ලද ප්‍රථම නාවික සිතියම අද (මාර්තු 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

09 Mar 2018

නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික ආපදා මැඩපැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වයි
 

ශ්‍රී ලංකාවේ වරායන් ආශ්‍රිතව සිදු විය හැකි රසායනික, ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ආපදා තත්ත්වයන් මැඩලීම සඳහා අවශ්‍යකරණ යාන්ත්‍රණ සම්බන්ධයෙන් එයට අදාල පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡාවක් පසුගිය පෙබරවාරි මස 23 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

09 Mar 2018

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු හට පොලී රහිත ණය මුදල් ප්‍රදානය කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (මාර්තු 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි.

09 Mar 2018