වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් ආටිගල මහතා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා අද (මාර්තු 12) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

12 Mar 2018

අන්තර් විධාන මළල ක්‍රීඩා උළෙල 2018 සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
 

නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා උළෙල - 2018 පසුගිය මාර්තු මස 10 සහ 11 යන දෙදින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ප්‍රධාන ක්‍රීඩාංගනයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය.

12 Mar 2018

ගංවතුර ආපදා තත්ව පෙර දැනුම් දීමේ, සහන සැළසීමේ පද්ධතියක් සහ ඒ පිළිබඳ වැඩමුළුවක් නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
 

නාවික හමුදා භූ‍ගෝලීය තොරතුරු පද්ධති අංශය විසින් පසුගිය මාර්තු මස 08 වන දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී, එම දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදු විය හැකි ගංවතුර ආපදා තත්ත්වයකදී නාවික හමුදාව සතු කාර්යභාර්ය මෙන්ම අනෙකුත් ආයතනයන් සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරන ආකාරය ඇතුළත් වැඩමුළුවක් පැවැත්වූ අතර, එහිදී ආපදා තත්ත්ව පෙර දැනුම් දීමේ හා සහන සැළසීමේ ක්‍රමවේදයක් සහිත පද්ධතියක් ස්ථාපිත කිරීමට ද කටයුතු කෙරිණි.

12 Mar 2018