ශ්රී ලංකා නාවික හමුදාවේ වෘත්තීමය නිපුණත්වයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ත්රිකුණාමලය වරාය පරිශ්රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සුප්රසිද්ධ නෞකාවක් වන සගයින් නෞකාව වසර 75 කට පසු නැවත ගොඩ ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයට හැකියාව ලැබිණි.