වැදගත් සිදුවීම්

උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් පසුගිය 07 වන දින යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේදී ලේ දන්දීමේ කඳවුරක් පවත්වන ලදි.

09 Apr 2018

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 39 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

09 Apr 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය අප්‍රේල් 06 වන දින කොළඹ වාරයට සේන්දු වූ තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය අද (අප්‍රේල් 09) දින සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

09 Apr 2018

‘SINGER CUP’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
 

දියගම ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගනයේ පසුගිය අප්‍රේල් 08 වන දින පැවැත්වූ ‘SINGER CUP’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය අත් කර ගැනීමට නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම සමත් විය.

09 Apr 2018

නාවික කුසලාන හොකී තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි
 

නාවික හමුදා හොකී සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද නාවික කුසලාන හොකී තරඟාවලියේ ජයග්‍රහණය ගුවන් හමුදා හොකී කණ්ඩායමට හිමි විය.

09 Apr 2018

නැගෙනහිර නාවික විධානය විසින් ස්කොෂ් ක්‍රීඩා පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි
 

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතාගේ උපදෙස් මත පසුගිය අප්‍රේල් 03 සහ 04 යන දෙදින තුළ නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කරන ලද ස්කොෂ් පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පිහිටි ස්කොෂ් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

09 Apr 2018