සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේදී සමරයි
 

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය විසින් සුදානම් කර තිබූ නාවික සම්ප්‍රදායානුකූල උත්සවය අද (අප්‍රේල් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ පොදු භොජනාගාරයේදී පවත්වන ලදී.‍

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරු, නාවික හමුදා අධ්‍යක්‍ෂවරු, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි, ‍කපිතාන් අනිල් බෝවත්ත මහතා සහ නාවික හමුදා මුලස්ථානය හා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් රැසක් ද සහභාගීවි සිටියහ.

එමෙන්ම සිංහල සහ හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලට මුල්තැන දෙමින් සියළුම නාවික විධාන නියෝජනය වන පරිදි නාවික නෞකා, යාත්‍රා සහ ආයතනවල අවුරුදු උත්සව පවත්වමින් බක්මහේ අසිරිය සැමරිමට කටයුතු කර තිබූණු අතර, ඒ සඳහා නාවික පුද්ගලයින් ඉතාමත්ම උද්යෝගයෙන් තරඟවලට සහභාගි වන ලදී.