පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
 

පසුගිය අප්‍රේල් මස 17 වන දින අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, මේජර් ජෙනරාල් ෆයසු හුසෙන් ෂා මහතා ඇතුළු නියෝජිතයින් පිරිස පසුගිය අප්‍රේල් මස 18 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරල් නිරාජ ආටිගල මහතා හමුවීය.

එහිදි ඔහුන් ද්වීපාර්ශවීය වශයෙන් වැදගත්වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතා, ධජ නිලධාරී නාවික දියත් විධානය, කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා සහ නාවික සහ සාගරික විද්‍යාපිඨයේ පුහුණු කපිතාන්, කපිතාන් නලින්ද ජයසිංහ මහතා සහභාගීවි සිටියහ.