ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති නාවික හමුදාධිපති හමුවේ
 

ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, චේන්ග් සූයුවාන් මහතා අද (අප්‍රේල් 20) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා ද සහභාගී විය.