අනවසර සංක්‍රමණිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට

නිති විරෝධී ලෙස ඉන්දීය ට්‍රෝලරයක් භාවිත කරමින් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (මැයි 30) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදී මුර සංචාරයේ යෙදී සිටි උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
31 May 2018
උතුරු නාවික විධානය විසින් ඩෙල්ෆ්ට් දූපතේ වෛද්‍ය කඳවුරක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, යාපනය ශික්‍ෂණ රෝහලේ සහ යාපනය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ සහයෝගයද ඇතිව උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (මැයි 29) ඩෙල්ෆ්ට් දූපතේ, ප්‍රජා සංස්කෘතික මධ්‍යස්ථානයේදී වෛද්‍ය සායනයක් පවත්වන ලදි.
30 May 2018
නාවික හමුදාධිපති තුමා සිව්වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝතසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වේ
‘සැපයුම් සම්මන්ත්‍රණය- 2018’ ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් තෙවන වරටත් සංවිධානය කරන ලද ‘සැපයුම් සම්මන්ත්‍රණය - 2018’ සම්මන්ත්‍රණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පසුගිය මැයි 25 වන දින පවත්වන ලද අතර, ‘මුල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව: අවස්ථා හා අභියෝග’ යන්න මෙවර සම්මන්ත්‍රණයේ තේමාව විය.
29 May 2018
දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම වැලැක්වීමට නාවික හමුදාව දැඩි පරිශ්‍රමයක් දරයි

පසුගිය (මැයි 25) දින ජාඇල දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම හේතුවෙන් දෑලතුර- කජුගස්ගොඩැල්ල මාර්ගය සහමුලින්ම ජලයෙන් යට වු අතර, තවමත් එම ඇලෙහි ජලය පිටාර ගැලීම නොනැවතී පවතින බැවින් අද (මැයි 27) දිනද උදෑසන සිටම මාර්ගය දෙපස වැලි කොට්ට අතුරමින් ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයකින් යුතුව නාවික හමුදා සහන කණ්ඩායම් කටයුතු කරයි.
27 May 2018