ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකායේ උසස් නිලධාරීන් සහ ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකායේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ තෙවන මාණ්ඩලික සාකච්ඡාව සඳහා සහභාගී වූ ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්, වයිස් අද්මිරාල් රාජේන්ද්‍ර සිං මහතා අද (මැයි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.