පෝලන්ත ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පෝලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ස්ලැවොමිර් කොල්ටුන් මහතා අද දින (මැයි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

ඉන් අනතුරුව ඔහුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව‍ වෙත දක්වනු ලබන සහයෝගය පිළිබඳව කර්නල් කොල්ටුන් මහතා හට සිය ස්තුතිය පුද කිරීමට ද නාවික හමුදාධිපතිතුමා කටයුතු කරන ලදී. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.